නවතම පුවත්

ඇස්ට්‍රසෙනෙකා දෙවන මාත්‍රාවේ ගැටලුව විසඳීමට රජයෙන් අලුත් සැලසුමක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල හරහා අස්ට්‍රසෙනේකා  එන්නත් මාත්‍රා 264,000ක් කඩිනමින් මෙරටට  ලැබීමට නියමිත බවත්, අස්ට්‍රසේනිකා දෙවන මාත්‍රාව  අපේක්‍ෂාවෙන් සිටින මෙරට  ජනතාවට එම එන්නත් මාත්‍රා ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී .

අස්ට්‍රසේනේකා එන්නතේ දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින සෙසු පිරිසට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ජයසුමන මහතා සඳහන් කර සිටී .

ජූලි මාසයේ පළමු සති තුන තුළ සතියකට එන්නත් මාත්‍රා 26,000ක් බැගින් ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කර ඇත

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලෙස ලබාගත් 560,000ක පමණ පිරිසක් මේ වන විට එහි දෙවන මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින අතර කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ගෙන්වන එන්නත් මාත්‍රා සියල්ලම ඔවුනට ලබාදුන්නද  තවත් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක පමණ ප්‍රමාණයක අවශ්‍යතාවක් ඇතිවේ

මෙම වසර අවසන් වන විට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50ක් මෙරටට ලැබෙනු ඇති බවයි ජයසුමන මහතා කියා සිටියේ.

දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමැතිය දී තිබෙන අතර කැනඩාව,ජර්මනිය,ප්‍රංශය වැනි යුරෝපා රටවලද දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්