කොවිඩ් පාලන ඇමතිනිය තවත් සති දෙකක් ඇඳිරිනීතිය ඉල්ලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


‍ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතුයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

රට වසා දැමුවද මරණ සංඛ්‍යාව අඩුවීම සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව ඇය පෙන්වා දෙයි.

ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.