පැතුම් වික්‍රමරත්න
කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදාබැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී ඇත .
මෙම ඖෂධය සම්භන්ධව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූලව සිදුකල මූලික පර්යේෂණ සාර්ථකවී ඇති බවද පර්යේෂණය සිදුකල වෛද්‍ය කණ්ඩායම පෙන්වාදේ .
කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නම් දේශීය වෛද්‍යවරයෙකු මෙම ඖෂධය නිපදවා ඇති අතර , මෙම ඖෂධය හරහා කොරෝනා රෝගය සුව කල හැකි බව තමාට දිවුරා ප්‍රකාශ කල හැකි බව ඔහු මාධ්‍ය වෙත පවසා ඇත .
කෙසේ වෙතත් මේ ඖෂධයේ සාර්ථක භාවය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකරන බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායම සඳහන් කර ඇත.
මෙම ඖෂධය සම්බන්ධයෙන් කෙරෙන ඉදිරි පර්යේෂණය රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණය කර ඇති බව මේ පිළිබඳ අදහස් දැක්වු ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.