කොවිඩ් මරණ භූමදාන කළ හැකි බව WHO අගමැතිට කියයි

Picture of අසංක

අසංක

මරණයට පත්වන කොරෝනා ආසාදිතයන් ගේ මෘත දේහය භූමදාන කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂි ලැබී නැති බව කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරක හැනා සිගර් මහත්මිය ප්‍රකාශ කර සිටී.

එනිසා එම මෘතදේහ අවශ්‍ය භූමදානය කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සදහන්කර ඇතැයිද ඇය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

සියළු ජන කොටස්වල අයිතිවාසිකම්වලට ගරු කරමින් කොවිඞ් 19 වසංගතයෙන් මිය යන පුද්ගලයින් ආරක්ෂිත හා ගෞරවණීය ලෙස භූමදානය සදහා ඉඩ සැලසෙන පරිදි පවතින ප‍්‍රතිපත්ති සංශෝධනය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත තම ලිපියේ දක්වා ඇත.

පවත්නා තත්ත්වයන් යටතේ ඇතැම් පුද්ගලයින් කොවිඞ් වෛරසයෙන් පෙළුණ ද ප‍්‍රතිකාර සදහා ඉදිරිපත් වීම අධෛර්යමත් විය හැකි බව ඇය එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.