කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත .
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී මියගිය පුද්ගල මළ සිරුරූ දෙකක් මඩකලපුව, ඕට්ටමාවඩි ප්‍රදේශයේදී අද දින පෙරවරුවේ භූමදානය කිරිමේ කටයුතු සිදුකර තිබෙන අතර තවත් මළ සිරුරූ 05ක් අද දින පස්වරුවේ භූමදානය කිරිමට නියමිත බවද වාර්තාවේ .
කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගේ අත්සනින් ප්‍රකාශයට පත් කරනු ලැබු අතර කොළඹ අධිකරණ වෛද්‍ය අධිකාරී කාර්යාලය සහ වැලිකන්ද මුලික රෝහලේ සිට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ භූමදානය කිරීම සඳහා රැගෙන යාම සිදුකරනු ලැබේ .
කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් ගේ සිරුරූ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .