ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් කිසිවකු අලුතින් හමු නොවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා තිබේ.ඔහු පෙන්වා දෙන්නේ මුලදී හමුවූ ඩෙල්ටා ප්රභේ්දය ආසාදිත පුද්ගලයින් 18 දෙනා හැර වෙනත් කිසිවකු හමු නොවූ බවය.
මේ අතර සමස්ත කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් පෙන්නුම් කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය නම් පළමු වැනි රෝගීන් 18 දෙනාට අමතරව වෙන රෝගීන් වාර්තා වෙලා නෑ. ඒ වගේම සමස්ත රෝගීන් වාර්තාවීමේ අඩුවක් තියෙනවා. රැපිඩ් ඇන්ටිජන් වැඩියෙන් කෙරෙනවා. අහඹු PCR පරීක්ෂණත් කරගෙන යනවා.”
මේ අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ තවත් කොවිඩ් මරණ 37ක් පෙරේදා (13) සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ ය.
ඊයේ (14) දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 1,453කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 278,972ක් දක්වා ඉහළගොස් තිබේ.
ඉන් 250000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇත.