නවතම පුවත්

කොවිඩ් රෝගීන්ගේ අඩුවක් ඩෙල්ටා ආසාදිතයන් අලුතින් හමුවෙලත් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට තුළ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් කිසිවකු අලුතින් හමු නොවූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා තිබේ.ඔහු පෙන්වා දෙන්නේ මුලදී හමුවූ ඩෙල්ටා ප්‍රභේ්දය ආසාදිත පුද්ගලයින් 18 දෙනා හැර වෙනත් කිසිවකු හමු නොවූ බවය.

මේ අතර සමස්ත කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් පෙන්නුම් කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය නම් පළමු වැනි රෝගීන් 18 දෙනාට අමතරව වෙන රෝගීන් වාර්තා වෙලා නෑ. ඒ වගේම සමස්ත රෝගීන් වාර්තාවීමේ අඩුවක් තියෙනවා. රැපිඩ් ඇන්ටිජන් වැඩියෙන් කෙරෙනවා. අහඹු PCR පරීක්ෂණත් කරගෙන යනවා.”

මේ අතර මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,611ක් දක්වා ඉහළගොස් ඇත.

ඒ තවත් කොවිඩ් මරණ 37ක් පෙරේදා (13) සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ ය.

ඊයේ (14) දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 1,453කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 278,972ක් දක්වා ඉහළගොස් තිබේ.

ඉන් 250000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්