කොවිඩ් රෝගීන් අටදහසක් තවමත් ගෙවල්වල

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

*ඔක්සිජන් මත යැපෙන රෝගීන් 100%කින් ඉහළට
* සෞඛ්‍ය ක්ෂේත්‍රය අනනතුරක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වයිරස ආසාදිතයන් 8000ක් පමණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු නොවී තවමත්  නිවෙස්වලට කොටුවී සිටින බව  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනාවරණය කර සිටී.

එසේම කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයට පත්ව ,බාහිර ඔක්සිජන් සැපයුම් මත යැපෙන රෝගීන් 330ක් පෙරේදා (31) වන  විට රෝහල්ගතව සිටි බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිකර සිටී .

ඔක්සිජන් මත යැපෙන රෝගීන් මේ වනවිට ඉතාමත් වේගයෙන් ඉහල යන බවත් පසුගිය දින හතර අතුලත එම රෝගීන්ගේ සංඛ්‍යාව 100 කින් පමණ ඉහල ගොස් ඇති බවත් එම සංගමය සඳහන් කර සිටී

මේ අනුව ඉදිරි දින කීපයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වී කොරෝනා රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවා සිටී .