ප්‍රබෝධා හෙට්ටිආරච්චි
රට පුරා ක්‍රියාත්මක නිවෙස්ගත ප්‍රතිකාර වැඩපිළිවෙල යටතේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 9,606 දෙනෙක් නිරෝධායනය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම රෝගීන්ගේ තත්වය දුරකතන ඔස්සේ අධීක්ෂණය කිරීම සඳහා මේ වන විට වෛද්‍යවරුන් 900 දෙනකු යොදවා ඇත. මෙම සතිය අවසානය වන විට එම වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,500ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ.
ඉන් රෝගීන් 3,162ක් කොළඹ දිස්ත්‍රික්කයේ ය. ගම්පහ දිස්ත්‍රික්කයේ 1,883ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 1,712 දෙනෙක් ද ඒ අතර වේ.
මේ වන විට කොවිඩ් ආසාදිතයින් 26,173ක් නිවෙස්ගත නිරෝධායනයෙන් සම්පූර්ණ සුවය ලබා සාමාන්‍ය රාජකාරීවල නිරතවේ. ඉන් රෝහල්ගත කිරීමට අවශ්‍ය වී ඇත්තේ 370 දෙනෙක් පමණි.