කොවිඩ් රෝගීන් සුවවීමේ ප්‍රතිශතයෙන් ලංකාව ලොව දෙවෙනි තැනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 ආසාදිතයින් සුවය ලැබීමේ  වැඩි ප්‍රතිශතය අනුව ලොව දෙවෙනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටී .

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් සුවය ලැබීමේ ප්‍රතිශතාත්මක අගය ලෙස දැක්වෙන්නේ 98.09%ක් ලෙසය.

මෙම ප්‍රතිශතය ඉහලින්ම පෙන්නුම්කර ඇත්තේ   ඉන්දියාව වන අතර  අතර එය 96.99%ක් ලෙස වාර්තා වන විට දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ලොව දියුණු රටවල් සමඟ සසඳා බැලීමේදී මෙම රෝගීන් සුවය ලැබීමේ වේගය වැඩිකර ගැනීමට මෙරට සෞඛ්‍ය පද්ධතියට හැකියාව ලැබී තිබේ.

ඇමරිකාවේ මෙම රෝගීන් සුවය ලැබීමේ වේගය 61.28%ක් ලෙස දැක්වෙන විට එක්සත් රාජධානියට 50% සීමාවට හෝ පැමිණීමට තවමත් හැකි වී නැත.

එරට කොවිඩ් 19 රෝගීන් සුවය ලැබීමේ ප්‍රතිශතාත්මක අගය ලෙස දැක්වෙන්නේ 43.85%කි.

බ්‍රසීලය සහ රුසියාවද රෝගීන් සුවය ලැබීමේ වේගය වැඩිකරගෙන තිබෙන අතර පිළිවෙලින් 87.21%ක් සහ 85.78%ක් ලෙසයි එය දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය කළමනාකරණය කරගැනීමේ හැකියාව පවතින හෙයින් දෛනිකව වාර්තා වන රෝගීන්ට සාපේක්ෂව දෛනිකව සුවය ලබා නිවෙස් කරා යන රෝගී සංඛ්‍යාව වැඩිකරගැනීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පෙන්වා දී තිබේ.