නවතම පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වාගැනීමට අලුත් වැඩසටහනක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් විදේශ රටවල දැනට රැඳී සිටින ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙම විගමණික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු නිරෝධායනය සඳහා රඳවා තැබීමට මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීම වන අතර එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වලින් පළාත් නවයේ නිරෝධායන මධ්‍යස්ථාන නවයක් ආරම්භ කර එම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා එම මධ්‍යස්ථානවල ස්ථානගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

covid 19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කොට එම මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

එසේම විදෙස්ගත අපගේ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට අදාල ගුවන් ප්‍රවේශ පත ලබා ගැනීමට නොහැකිව විශාල වශයෙන් අපහසුතාවට ලක් වී එම රටවල්වල රැඳී සිටින බවට මාධ්‍ය මගින් විටින් විට වාර්තා කර තිබුණු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ අරමුදල් භාවිතා කොට මෙම අසරණ වී සිටින අපගේ විගමනික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොපැකිලිව කටයුතු කරන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමක දී පසුගිය දා තීරණය වූ බවත් හෙතෙම කියාසිටියි.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට අදාළ ගුවන් ටිකට්පත් ලබා ගැනීමට නොහැකිව යම්කිසි විගමනික සේවකයෙක් හෝ සේවිකාවක් කිසියම් රටක සිටී නම් ඔවුන් වහාම එම රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයාට වාර්තා කරන ලෙසත්, එසේ නොමැති නම් විදේශ සබඳතා අංශයේ ගාස්තු රහිත දුරකථන අංකය වන 800119119 අමතා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා එම ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.

විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රක්ෂණ ආවරණය ඇතිව විදේශගත වූ ශ්‍රමිකයන්ට මෙම ආපදා අවස්ථාවේදී එකී රක්ෂණ ආවරණය යටතේ ලබා යුතු වන්දි හෝ දීමනා වේ නම් ඒවා ලබාදීමට ප්‍රමුඛත්වයක් දී නොපමාව ක්‍රියාත්මක වන ලෙසත්, එසේ වන්දි හා දීමනා ඉල්ලා සිටින අයගේ ලැයිස්තු සහ ඒ අතරින් එම වන්දි සහ ඉල්ලීම් ලබා දුන් අයගේ ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සති දෙකකට වරක් රේඛිය අමාත්‍යංශයට ලබා දෙන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත.

එම කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතු,කම්කරු අමාත්‍යාංශයේ ලේකම්තුමා,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති,සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරිවරයා ,විදේශ කටයුතු අමාත්‍යංශයේ විදේශ සබඳතා අංශයේ ප්‍රධානියා සහ මහා භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඇමතිවරයා දන්වා තිබේ.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි