නවතම පුවත්

“කොවිඩ් ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී නැහැ”- නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී  ලංකාව තුල කෝවිඩ් ව්‍යාප්තිය   පාලනයෙන් ගිළිහී නොමැති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

දැනට පවතින ආකාරයෙන් කොවිඩ් රෝගීන් වැඩිවීමක් තමන් බලාපොරොත්තුවෙන් සිටි බවත් ඔහු මාධ්‍ය හමුවකදී සඳහන් කළේය මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“පහුගිය කාලසීමාව තුළ සංචරණ සීමාවලින් තොරව නිවාඩු කාලසීමාව තුළ පුද්ගලයින්ගේ සංචරණය එක්තරා දුරකට වැඩිවුණා. මේක අපි බලාපොරොත්තු වුණ දෙයක්, මේ විදිහේ වැඩිවීමක්. ඒ නිසා මං හිතනවා මේ වැඩිවීම ගැන ඒක දැනට පාලනයෙන් ගිලිහිලා ගියා කියලා කවුරු හරි කියනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕනෙ.

දිවයින පුරාම පැතිරගිය සුළු සංඛ්‍යාවලින් හෝ පැතිරී තියෙන අවස්ථාවලදී අපි ජනතාව හැටියට විශෙෂයෙන්ම අපට පුළුවන් උපරිමයට සෞඛ්‍ය පුරුදුවලින් ආරක්ෂා වීමත් අනවශ්‍ය සංචරණයෙන් වැළකී සිටීමත් මං හිතනවා මේ මොහොතේ වැදගත් වෙනවා. එය හරහා අපට මේ පවතින තත්වය පාලනය කරගැනීමට අපට පුළුවන් වෙයි කියලාත් මං හිතනවා”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්