නවතම පුවත්

කොවිඩ් වැළඳී සිටි එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී එළියන්ත වයිට් මහතා අද රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙසද පෙනී සිටියේ ඔහුය.

කොවිඩ්-19 වෛරසය මෙරට ව්‍යාප්තවෙමින් පැවතියදී විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තියෙන් කොවිඩ් පරාජය කිරීමට හැකි බව සදහන් කර තිබුණේ එළියන්ත වයිට් මහතාය.

මැති ඇමතිවරු කිහිප දෙනෙක් මෙරට ගංඟාවලට මුට්ටි අතහැරියේ එළියන්ත වයිට් මහතාගේ විශ්ව ශක්තිය හා කුණ්ඩලිනී ශක්තියෙන් කොවිඩ්-19 වෛරසය පරාජය කරන්නට බව පැවසේ.

ඉන්දියාවේද කොවිඩ් ව්‍යාප්තිය දැඩිව පවතින අවස්ථාවේදී ඔහු එරටටද ගොස් සිට එම විශ්වාසය පදනම් කරගනිමින් කොවිඩ් පාලනය කිරීමට ඉදිරිපත් වී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්