නවතම පුවත්

කොවිඩ් සමග “ටීනියා” රෝගයත් පැතිරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අවධාරණය කර සිටී

කොවිඩ් වසංගතය පවතින කාලයේ ම ටීනියා නැමැති සමේ වැවෙන දිලීර රෝගය වේගයෙන් පැතිර යාම  සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමක්  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි  ඊයේ පැවැත්වින .

වසර ගණනාවකට පෙර මෙය කුඩා දරුවන් අතර පැතිර ගිය රෝගයක් බවත් මේ වන එය වැඩිහිටියන්ට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇතැයි කොළඔ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට මහතා මෙහිදී පැවසුවේ.ය

ටීනීයා රෝගය පුස් වර්ගයක් වන අතර (RING WARM) ලෙසින් මෙය හඳුන්වනු ලැබේ. සම මතුපිට කැසීමක් මඟින් මෙම රෝගය ඉස්මතු වන අතර කළවා, කිහිළි හා ශරිරයේ දාඩිය ඉතිරි වන ස්ථානවල දි වැඩිපුර පැතිරේ. ශරිරයේ ප්‍රතිශක්තිකරණය අඩු අය හා කුඩා දරුවන් මෙම රෝගයෙන් ප්‍රවේශම්විය යුතු අතර මේ වන විට මෙම රෝග ප්‍රභේදය වෙනස් වි ඇතැයි රිජ්වේ ළමා රෝගලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවය .

පෞද්ගලික පිරිසිදුතාවය හා සම වියළිව තබා ගැනීමෙන් මෙය වළක්වාගත හැකි බවත් නිසි ලෙස වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමෙන් රෝගය වළක්වා ගත හැකි බවත් වෛද්‍යවරු මෙහිදී පැවසූහ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි