නවතම පුවත්

කොවිඩ් සුව වූ අයට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා එකක් ඇති – නවතම අධ්‍යයනයකින් තහවුරුයි

අසංක

අසංක

කොවිඩ් ආසාදනය වී සුව වූ පුද්ගලකුට කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බව ඉන්දියාාවේ සිදුකළ නවතම අධ්‍යයනකදී හෙළිවී තිබේ.

ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ සභාව සහ එරට අසාම් වෛද්‍ය විද්‍යාලය සිදුකළ අධ්‍යයනයකින් මේ බව හෙළි වී ඇත.

මේ අනුව කොවිඩ් වයිසරය වැළඳී සුව වූ පුද්ගලයකුගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමක් කිරීමට එය ප්‍රමාණවත් බව ඔවුහු නිවේදනය කරති.

සුවය ලැබූ බොහෝ රෝගීන් දෙවන මාත්‍රාවෙන් නිදහස් කිරීම ඉන්දියාවේ එන්නත් හිඟය පාලනය කිරීමට සැලකිය යුතු ලෙස ඉවහල් වන බව එම අධ්‍යයන කණ්ඩායමේ සාමාජිකයෝ පැවසූහ.

පිරිමි සහ ගැහැණු පාර්ශ්ව දෙකම ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 75ත් අතර පුද්ගලයින් මෙම විශේෂඥයින් කණ්ඩායම විසින් අධ්‍යයනය කරන ලදී.

එහි ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ සෙරොපොසිටිව් අවස්ථා වලදී දෙවන එන්නත, පළමු මාත්‍රාවට සාපේක්ෂව ප්‍රතිදේහ ඉහළ නංවා නැති බවයි.

කොවිඩ් ආසාදිත රෝගීන්, කොවිඩ් මධ්‍යස්ථ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් තුළ පවා කාර්යක්ෂම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දැක්වීමට එන්නතෙහි එක් මාත්‍රාවක් ප්‍රමාණවත් විය හැකි බව පෙර අධ්‍යයනයකින් ද යෝජනා වී තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්