නවතම පුවත්

කොවිඩ් සුව වූ අයට ස්නායු රෝග අවදානමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් සුව වූ පිරිසෙන් 3% – 40% අතර ප්‍රමාණයකට ස්නායු රෝග ලක්ෂණ ඇතිවීමේ අවදානමක් පවතින බවට විශේෂ වෛද්‍යවරු අනතුරු අඟවා සිටී .

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කර සිටියේ, ස්නායු රෝග ලක්ෂණ බරපතළ ලෙස දැනෙන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත් බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා,

“සමාජය තුළ විශාල සංඛ්‍යාවක් ඉන්නවා කොවිඩ් හොඳ වෙලා. ඒ අයට මේ රෝග ලක්ෂණ ආවොත් දැනුවත් වීම සඳහායි කතා කරන්නේ. එහෙම නැතුව මේ රෝග ලක්ෂණ ගැන අහලා බිය විය යුතු නෑ. ඔබ දන්නා රෝගයක් තමයි බෙල්ස් ෆොල්සි කියන එක. මුහුණේ එක පැත්තක් පණනැති වෙනවා. මේක මේ දවස්වල වැඩියෙන් එනවා. මේක කොවිඩ් -19 නිසාද කියලා ප්‍රශ්නාර්ථයක්. අපි දැකලා තියෙනවා කොවිඩ් රෝගයෙන් පස්සේ අපස්මාරය පටන් ගන්නවා ඉතාම කලාතුරකින්. දැනට වාර්තා වන අන්දමට 3% – 40% දක්වා කොවිඩ් සුවවු අයගෙන් ස්නායු රෝග ලක්ෂණ පහළ වෙනවා කියලා වාර්තාවල සඳහන්.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්