නවතම පුවත්

කොවිඩ් හේතුවෙන් මියයන සියලුම අයගේ ආදාහන රජයේ වියදමින්

අසංක

අසංක

කොවිඩ්-19 වෛසරය ආසාදනය වීම නිසා මියගොස් ඇති බවට තහවුරු කරගන්නා සියලු පුද්ගලයන්ගේ ආදාහන කටයුතු රජයේ වියදමින් සිදුකිරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනටමත්සෞ ඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ජාති, ආගම් කිසිදු භේදයකින් තොරව රජයේ වියදමින් අවසන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

ඊට අදාල වියදම් ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් දරනු ඇත.

කොවිඩ් වෛසරය ආසාදනය වී හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර විශාල ප්‍රමාණයක්, ඥාතීන් විසින් ඉදිරිපත් නොවීම නිසා මෘත ශරීරාගාරවල ගොඩගැසී තිබෙන බව පසුගියදා වාර්තා වූ අතර එම මෘත ශරීර රජයේ වියදමින් ආදාහනය කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබිණි.

එම පහසුකම මියයන සියලු කොවිඩ් ආසාදිතයන් සඳහා ලබා දෙන ලෙස මේ වනවිට ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට වෛසරය හේතුවෙන් මියයන සියලු දෙනාගේ ඥාතීන් හා භාරකරුවන්ගේ කැමැත්ත මත රජය මගින් ලබාදෙන මෙම වරප්‍රසාදය භාවිතා කිරීමේ හැකියාව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්