නවතම පුවත්

කොවිඩ්-19 ට මුහුණදෙන්න හොඳම අවිය විටමින් D ද ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ්-19 ට මුහුණදෙන්න හොඳම අවිය විටමින් D ද ?

 

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් මනුෂ්‍ය වර්ගයා මුදා ගැනීම වෙනුවෙන් මේ වනවිට ලොව පුරා විවිධ පර්යේෂණ ක්‍රියාත්මකය. එවැනි පර්යේෂණ ලිපි ඇසුරින් The Colombo Express වෙබ් අඩවියට මෙම ලිපිය සම්පාදනය කරනු ලැබුවේ ප්‍රතිපත්ති විශ්ලේෂකයකුවන අනුරුද්ධ විජේරත්න මහතාය.

 

කොවිඩ් 19 සහ විටමින් D සුවිශේෂී සම්බන්ධය ගැන නවතම අනාවරණය

 

කොවිඩ් 19 වයිරසය ඉතා වේගයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවෙමින් පවතියි. ඊට සමගාමීව ලෝකයේ සමස්ත ආසධිතයින්ගේ ප්‍රමාණයද දිනපතා වාර්තාගත ලෙස ඉහළ යමින් තිබේ. ලොව පුරා කොවිඩ් 19 ආසාධනය වූ මිලියන පනහකට ආසන්න සංඛ්‍යාවක් අතරින් දැනටමත් මිලියන 1.2 ක් මරණයට පත්වී තිබේ. මේ නිසා කොවිඩ් 19 වයිරසය පාලනය කිරීම ඉතා අසීරු වී ඇති මෙවන් වකවානුවක ආසාදිතයන් බවට පත්වන සහ මරණයට පත්වන අය අතර ඇති ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත්තේ විටමින් D ඌනතාවයයි.

 

ඒ පිළිබඳව වෙන්විය යුතු අත්‍යවශ්‍යම සාකඡ්චාව අවශ්‍ය පමණින් සිදු නොවීම අවාසනාවන්ත තත්ත්වයකි. මේ ඒ සම්බන්ධයෙන්වන විමසා බැලීමයි.

 

Vitamin D deficiency is a major public health problem in all age groups. More than one billion people all over the world are estimated to have vitamin D deficiency. Vitamin D is a pluripotent hormone modulating the adaptive ad innate immune response. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7189189/

ඉන්ෆුලුවන්සා ප්‍රබේදයක් ලෙස හඳුන්වන කොවිඩ් 19 වැළඳීම සහ අසාධ්‍ය තත්ත්වයට පත්වීම හෝ මරණයට පත්වීමේදී ප්‍රතිශක්තියේ හැකියාව ඉතා තීරණාත්මක ලෙස බලපාන බවත් විටමින් D දුර්වල මට්ටමක පවතින්නේ නම් කොවිඩ් 19 වැළඳීමට සහ අසාධ්‍ය වීම කෙරෙහිත් මරණ කෙරෙහිත් බලපාන බවත් මේ වනවිට අනාවරණය කරගෙන තිබෙනවා.

 

1918-19 කාලයේදී ලෝක ජනගහනයෙන් 1/3 – මිලියන 500 ට පමණ වැළඳී මිලියන 50 මියගිය බවට පැවසෙන ඉන්ෆ්ලුවන්සා වසංගතයේදී පවා (https://www.cdc.gov/…/pandemic…/1918-pandemic-h1n1.html) සොයාගනු ලැබූ ප්‍රධාන කරුණක් වූයේ විටමින් D හොඳ මට්ටමක තිබු අය මරණයට පත්වීමේ අඩුවක් තිබූ බවයි.

 

While the early research on vitamin D and COVID-19 is just starting, other research has found that vitamin D supplements can help reduce the risk of respiratory infection. And researchers who looked back at the 1918-1919 influenza pandemic found that patients with healthy vitamin D blood levels were less likely to die. https://www.webmd.com/…/more-vitamin-d-lower-risk-of…

විටමින් D කොවිඩ් සම්බන්ධතාව පිළිබඳව අවසන් නිගමනයන් සඳහා පර්යේෂණ 30 ට අධික ප්‍රමාණයක් දැනටත් සිදුකෙරමින් පවතින අතර විටමින් D ඌනතාවය කොවිඩ් වැළඳීම කෙරෙහි බලපාන බවට ප්‍රබල සාධක හමුවෙමින් තිබෙනවා.

“Patients who have lower Vitamin D levels are more likely to get an infection needing hospitalisation or the ICU. And, they’re more likely to die from their infection.” Dr. Todd Rice, Director of the Medical ICU at Vanderbilt University Medical Center. https://www.wfla.com/…/studies-examine-possible-links…/

බොස්ටන් වි.වි මගින් කළ පර්යේෂණකදී එය මෙසේ තහවුරු වෙනවා.

Patients hospitalized with COVID-19 who have sufficient levels of vitamin D show significant reductions in severe outcomes and a lower risk of death compared with insufficient levels, new research shows.

“This study provides direct evidence that vitamin D sufficiency can reduce the complications including the cytokine storm and ultimately death from COVID-19,” said senior author Michael F. Holick, MD, PhD, of Boston University School of Medicine, Massachusetts, in a press statement from his institution. https://www.medscape.com/viewarticle/938303

ද වෝල් ස්ට්‍රීට් ජර්නල් The Journal of the American Medical Association පර්යේෂණ වාර්තාවක් (https://jamanetwork.com/…/jamanetwo…/fullarticle/2770157) උපුටා දක්වමින් මෙසේ සඳහන් කර තිබුනා.

Evidence from studies using Vitamin D to prevent or treat Covid isn’t conclusive but some findings are promising, authorities say. Dozens of studies now under way are looking into possible links between vitamin-D deficiency and coronavirus. One, published online in JAMA in September, used data from 489 patients in Chicago. It showed the risk of testing positive for the disease was 1.77 times higher for people with a deficiency compared with those with adequate levels of vitamin D. https://www.wsj.com/…/can-vitamin-d-help-fight-covid-19…

විටමින් D ඌනතාවය සහිත පිරිස් කොවිඩ් 19 වෙත ගොදුරු වීමේ හැකියාව විටමින් D අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ ඇති අයට වඩා දෙගුණයකට ආසන්න බවයි (1.77 times) මෙහි සඳහන් වෙන්නේ.

පසුගිය සැප්තැම්බර් අග සතියේ ස්පාඥයේ සිදුකළ පර්යේෂණයකට අනුව කොවිඩ් 19 වැළඳී රෝහල් ගතකළ රෝගීන් 216 දෙනෙකුගෙන් 82% පමණ විටමින් D ඌනතාවයෙන් පෙළුණු බව සොයා ගනු ලැබීමත් ඉතා වැදගත්.

Low levels of vitamin D, which our bodies produce in response to strong sunlight, may lead to a greater risk of catching the coronavirus or suffering more severe effects of infection, according to a new study published in the Endocrine Society’s Journal of Clinical Endocrinology & Metabolism. Last week, researchers in Spain found that 82% of coronavirus patients out of 216 admitted to hospital had low vitamin D levels. https://www.theguardian.com/…/add-vitamin-d-bread-milk…

මීට අමතරව අයර්ලන්තය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක සිදුකළ පර්යේෂණ වලදී ද විටමින් D ඌනතාවය සහ කොවිඩ් මරණ අතර සම්බන්ධය පැහැදිලිවෙමින් තිබෙනවා.

Irish researchers analyzed European population studies and vitamin D levels, finding countries with high rates of vitamin D deficiency also had higher death rates from COVID-19. Those researchers asked the government to raise the vitamin D recommendations.

Indonesian researchers evaluated 780 documented cases of COVID-19 and found that most patients who died had vitamin D levels below normal.

The research linking vitamin D levels and COVID-19’s cytokine storm is in its early stages but not surprising, says Bart Roep, PhD, chair of the department of diabetes immunology at City of Hope, a cancer center in Duarte, CA. Vitamin D, he says, is ”the negotiator” because “it doesn’t suppress the immune system, it modulates it. Vitamin D makes the immune cells less inflammatory.” https://www.webmd.com/…/more-vitamin-d-lower-risk-of…

ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) හිටපු ප්‍රධානි Dr. Tom Frieden ප්‍රකාශ කරන්නෙත් කොවිඩ් ප්‍රතිකර්මයක් ලෙස සම්පුර්ණයෙන් තහවුරු නොවුවද වසංගතයෙන් බේරීමට සහ පාලනයට විටමින් D යොදාගත හැකි බවයි.

As we race to develop effective treatments and a vaccine against COVID-19, people are looking to reduce their risk of getting sick. One thing that might help is as obvious as the sun in the sky and as close as your medicine cabinet – Vitamin D.

Vitamin D supplementation reduces the risk of respiratory infection, regulates cytokine production and can limit the risk of other viruses such as influenza. A respiratory infection can result in cytokine storms – a vicious cycle in which our inflammatory cells damage organs throughout the body – which increase mortality for those with COVID-19. Adequate Vitamin D may potentially provide some modest protection for vulnerable populations. https://www.foxnews.com/…/former-cdc-chief-tom-frieden…

විශේෂයෙන්ම සීත ඍතුවේ දී හිරු එලිය නොලැබීම සහ ඉන්ෆුලුවන්සා පැතිරීම වැඩිවීම අතර ද විටමින් D සම්බන්ධය ඉතා පැහැදිලියි.

The link between vitamin D and viral infections arose from the observation of the seasonality of vitamin D with lower levels in the winter and concomitant increases in influenza. Conversely, in summer, serum levels of 25-OHD increase and influenza virtually disappears, except during pandemics. Even in pandemics, most deaths occur during cold months. Mathyssen C, Gayan-Ramirez G, Bouillon R, Janssens W. Vitamin D supplementation in respiratory diseases: evidence from randomized controlled trials. Polish Archives of Internal Medicine 2017 127 775–784. (https://doi.org/10.20452/pamw.4134)

මේ අතර The Colombo Express අන්තර්ජාල ප්‍රවෘත්ති අඩවියට සම්මුඛ සාකච්චාවක් ලබාදෙන ඇමරිකාවේ නිව්ජර්සි විශ්වවිද්‍යාලයේ අන්තරාසර්ග විද්‍යාව (Endocrinology) හා පෝෂණය විෂය පිළිබඳ දෙපාර්තමේන්තු ප්‍රධානි ලෙස සේවය කළ මහාචාර්ය සුනිල් විමලවංශ මහතා ඉතා පැහැදිලිව විටමින් D සහ ප්‍රතිශක්තිය අතර සම්බන්ධතාවය මෙසේ පැහැදිලි කරනවා.

 

“කොරෝනා වැනි වයිරසයක් සමාජය තුළ පැතිරෙද්දී එයට මුහුණ දීමේදී අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. ප්‍රතිශක්තිය පවත්වාගෙන යාමටත් වර්ධනයටත් විටමින් D මෙහිදී ඉතා වැදගත්ම සාධකයක්. හිරු එළිය හරහා හෝ බාහිරව ගන්නා විටමින් D කැප්සියුලයක් හරහා අපගේ ශරීරයට විටමින් D ලබාගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව වගේ රටක අපිට ලැබෙන හිරු එළිය ආශිර්වාදයක් වෙන්නේ ඒ මගින් අපිට දිනපතාම නොමිලේම විටමින් D නිපදවෙන රසායනික ක්‍රියාවලියට ඉඩ ලැබෙන නිසයි. උදේ වරුවේ පැය බාගයක් එක දිගට නොහැකිනම් විටින් විට හෝ අව්වේ සිටීමෙන් විටමින් D නිපදවෙන රසායනික ක්‍රියාවලිය ශරීරය තුළ සිදුවෙනවා.

පැය බාගයක් විතර අව්වේ හිටියොත් අපගේ ශරීර ස්භාවය අනුව ඒකක 8000-12000 අතර ප්‍රමාණයක් ලැබෙනවා. මේ තත්ත්වය ඉතා වැදගත්. නිරෝගී අය අව්වේ ඉන්න අතරේ හැකි තරම් ශරීරය විවෘත කිරීම වටිනවා. ඔබට වත්තේ වැඩක්, ව්‍යායාම, පොතක් කියවීමක් ආදී දෙයක් කරන්න පුළුවන්. හැබැයි රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඉන්න අයට නම් අව්වේ ඉන්න එක සුදුසු නැහැ” https://thecolomboexpress.com/31751/…

ඔක්තෝම්බර් 17 රාවය පුවත්පතට ද මහාචාර්ය විමලවංශ මහතා මෙසේ ප්‍රකාශ කර තිබුණා.

“කොවිඞ් මර්දනයට තියෙන හොඳම විසඳුම විටමින් ඩී. අපේ රටට ස්වාභාවිකව හිරු එළිය ලැබෙනවා. ඒ නිසා උදේ 10-12 අතර අවම වශයෙන් පැය භාගයක් හරි අව්වේ ඉන්නව නම් ඕනම පුද්ගලයකුගේ ප්‍රතිශක්තීකරණය දියුණු වෙනවා. මේ වසංගතයෙන් බේරිලා ඉන්න කරන්න ඕනේ සුදුසුම දේ ඒකයි. මේ පණිවුඩේ කලින්ම ගියා නම් ලංකාවට අමුතුවෙන් කොරෝනා දෙවැනි රැල්ලක් එන්නේ නෑ. ඒ නිසා හොඳම විසඳුම තමයි ස්වාභාවිකව හෝ බාහිරින් විටමින් ඩී ලබා ගැනීම”

මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ ඔබ හිරු එළිය නිතර ලැබෙන රටක ජීවත් උවද නිසි පරිදි හිරු එළිය ලබා නොගන්නේ නම් හෝ අවශ්‍ය ප්‍රමාණය විටමින් ලබාගන්නේ නැතිනම් එය ගැටලුවක් බවයි. විශේෂයෙන්ම තද පැහැති සමක් ඇති අයට හිරු එළියෙන් පමණක් විටමින් D ලබාගැනීම දුෂ්කර අතර කොවිඩ් මරණ අතර ඇමරිකානු කළු ජාතිකයින්ගේ ප්‍රමාණය ඉහළ අගයක් ගැනීමට එය ද හේතු වී තිබෙනවා.

People with dark skin, such as those of African, African-Caribbean or south Asian origin, will need to spend longer in the sun to produce the same amount of vitamin D as someone with lighter skin. https://www.nhs.uk/…/how-to-get-vitamin-d-from-sunlight/

තමන්ගේ ශරීරයේ ඇති විටමින් D ප්‍රමාණය දැනගැනීම ද වැදගත් කරුණක්. A simple blood test can detect whether your levels of vitamin D are healthy or deficient. A level of 20 nanograms per milliliter or over is needed to maintain bone health; under 12 nanograms/ml is termed deficient.

Queen Mary University of London මගින් මාස හයක් තිස්සේ පන්දහසක පිරිසක් යොදාගෙන සිදුකරගෙන යන පර්යේෂණයේ මූලික අරමුණ වී තිබෙන්නේ ද විටමින් D ප්‍රමාණය සහ වයිරසයේ බලපෑම සොයා ගැනීමයි. එම පර්යේෂණයේදී විටමින් D ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කිරීමට හැකි උවහොත් එය ඉතා සුවිශේෂී සහයක් වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

Principal Investigator of the study, Dr David Jolliffe from Queen Mary University of London, added: “CORONAVIT trial has the potential to give a definitive answer to the question of whether vitamin D offers protection against COVID-19. Vitamin D supplements are low in cost, low in risk and widely accessible; if proven effective, they could significantly aid in our global fight against the virus.” https://www.qmul.ac.uk/…/clinical-trial-to-investigate…

කොවිඩ් 19 සඳහා එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නැති පසුබිමක අපට සිදුවන්නේ නව සාමන්‍යය යටතේ ජීවත් වීමටයි.

එවැනි පසුබිමකදී කළ හැක්කේ මුඛ ආවරණ පැළඳීම, නිතර අත්සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් පවත්වාගෙන යාමත් හැකිතාක් උපරිමයෙන් ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමත් පමණයි.

කොවිඩ් 19 සහ විටමින් D අතර සම්බන්ධතාවය පිළිබඳව පර්යේෂණ සිදුවෙමින් පවතින අවස්ථාවක, නොමිලේ ලැබෙන හිරු එළියෙන් හෝ අතුරු ආබාධ නොමැති – මිල අධික නොවන කැප්සියුලයක් හරහා විටමින් D ලබා ගැනීම අතිශයින්ම වැදගත්ය. ඒ පිළිබඳව ඔබේ පවුලේ වෛද්‍යවරයා සමඟ සාකඡ්චා කිරීම මේ මොහොතේ අතිශය වැදගත් වනු ඇති !

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි