පැතුම් වික්‍රමරත්න
ඇස්ට්‍රාසෙනෙකා .කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම අද (28) සිට සිදුකරන බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කර සිටී .
මෙම එන්නත් ලබාදීම මධ්‍යස්ථාන දෙකක දී සිදු කරන අතර උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේත්, බොරැල්ල, බටහිර කොළඹ සහ නැගෙනහිර කොළඹ ආවරණය වන පරිදි කිරුළපන මුගලන් පාරේ සිතුමිණ ප්‍රජා ශාලාවේදීත් එන්නත් ලබාදීම සිදුකරන බව සියලු කටයුතු සූදානම් කර ඇතැයි කොළඹ මහ නගර නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.
කොළඹ නගර සභාවේ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට ඔවුන් ලබාදුන් දුරකථන අංකය වෙත covid vaccine යනුවෙන් ලබාදෙන කෙටි පණිවිඩයක් මගින් පැමිණිය යුතු දිනය, වේලාව සහ ස්ථානය ලබාදෙන බවත් එන්නත්කරණයට පැමිණීමේදී එම කෙටි පණිවිඩය සහිත ජංගම දුරකතනය රැගෙනඒම මෙන්ම එන්නත්කරණ කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම ද අත්‍යාවශ්‍ය බව ඇය කීවාය.
පළමු මාත්‍රාව ලබා ගැනීමේදී ජංගම දුරකතන අංකයක් නොව නිවසේ ස්ථාවර දුරකතන අංක ලබාදුන් අය වේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා දැනුවත් කර දෙවන මාත්‍රාව ලබාගැනීමේ අවස්ථාව ලබාගත හැකි බව ද වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවාය