නවතම පුවත්

ගාල්ල උණවටුනේ එන්නත් ගත් පිරිසෙන් 425 ක් බස්නාහිර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී ඇස්ට්‍රාසනෙකා 2 වැනි මාත්‍රාව ලබාදුන් 632 ක පිරිසෙන් 425 දෙනෙකු ම බස්නාහිර පළාතෙන් පැමිණි අය බවට අනාවරණය වී ඇත .

උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පසුගිය 05 සහ 07 යන දිනවලදී මෙලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබිණ.

එලෙස එන්නත් දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන්නැයි, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට හා උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට පසුගිය 14 වනදා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ, එම දින දෙකේ කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණ ඇතැයි, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුවය

මහේස්ත්‍රාත්වරයා එදින වැඩිදුරටත් නියෝග කළේ, උණවටුන ඖෂධ ගබඩාවට ලැබුණ එන්නත්වලින් ගබඩා කළ හා ඉතිරි වූ එන්නත් ප්‍රමාණයන් පිළිබඳ විස්තර මෙන්ම එදින එම ස්ථානයේ CCTV දර්ශන සියල්ල ද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි