නවතම පුවත්

කොළඹට ලස්සන වෙරළක්

අසංක

අසංක

කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා “ලස්සන වෙරල” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය නගර ව්‍යාපෘතිය කටයුතු යොදා ඇත.

කොළඹ සහ ඒ අවට ප‍්‍රදේශ වල වෙරළ තීරය අලංකාරව සහ පිරිසිදුව තබාගැනීම මෙම විශේෂ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් වී ඇත

. ඒ සඳහා පරිසර ක‍්‍රියාකාරී සංවිධානයක් වන ”වන අරණ පදනම” ද කොළඹ වරාය නගරය සමග අත්වැල් බැඳගෙන සිටී. වැඩසටහන සඳහා වරාය නගරය මගිින් මූල්‍යාධාර සපයනු ලබන අතර, වන අරණ පදනමේ මෙහෙයවීමෙන් නිත්‍ය සේවක පිරිසකගේ දායකත්වයෙන් වසරේ සෑම දිනකම මෙම කිලෝමීටර් 5 ක දිගකින් යුත් වෙරළ තීරය පවිත‍්‍ර කරනු ඇත.

මේ වන විට ගල්කිස්ස සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරයේත් ඒ අවට ඇළ මාර්ග වලත් විශාල වශයෙන් ගොඩ ගැසී ඇති කසල ඉවත්කිරීමද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ .

මෙම වැඩසටහනට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව, දෙහිවල ගල්කිස්ස මහානගර සභාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා පොලිසීය සහ වෙරළ ආරක්ෂක බලකාය යන ආයතන වල ඉහල දායකත්වයක් සපයනු ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්