කොළඹ ආරක්ෂක සමුළුව අගෝස්තු 29 සහ 30

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලොවපුරා වූ ආරක්‍ෂාවට සබැඳි පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසකගේ සහභාගිත්වයෙන් ‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාසනය වන හමුදාමය විශිෂ්ටත්වය’ (Evolving Military Excellence in the Contemporary Security Landscape) යන තේමාව ඔස්සේ මෙවරත් ‘කොළඹ ආරක්‍ෂක සමුළුව – 2019’ අගෝස්තු මස 29 සහ 30 දිනයන්හිදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු 26 වන දින කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.