කොළඹ ආසාදිතයින්ගේ වෛරස් මට්ටම පහළට

Picture of අසංක

අසංක

කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ලබාගන්නා ජෛව සාම්පලයන්හි වෛරස් මට්ටම මේ වනවිට පහල අගයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී.

ඒ අනුව කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉදිරියේදී අඩුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්වාසය පළ කර සිටී .

කෙසේ වෙතත් තවදුරටත් එම ප්‍රදේශවල ජනතාව හැකි උපරිමයෙන් සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කල යුතු බවද එම සංගමය අවධාරණය කර ඇත