නවතම පුවත්

කොළඹ උද්ධමනය ඉහළට

අසංක

අසංක

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි උද්ධමනය 2024 ජනවාරි මාසයේ දී 6.4% දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ 4.0%හි සිට ජනවාරියේදී මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.

ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ පැවති 0.3%හි සිට ජනවාරි මාසයේ දී 3.3 % දක්වා ඉහළ ගියේය.

ආහාර නොවන උද්ධමනය දෙසැම්බර් මාසයේ පැවති 5.8%හි සිට 2024 ජනවාරි මාසයේ දී 7.9% දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ 1.21%ක සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල වාර්තා වූ 1.66%ක මිල ඉහළ යෑම් හේතුවෙන් 2024 ජනවාරි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස 2.87%ක් ලෙස වාර්තා විය. 

තවද, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ පැවති 0.6%හි සිට 2024 ජනවාරි මාසයේ දී 2.2% දක්වා ඉහළ ගියේය. 

ප්‍රධාන වශයෙන් 2024 ජනවාරි මාසය ආරම්භයේදී ක්‍රියාත්මක කරන ලද බදු සංශෝධන සහ කාලගුණය ආශ්‍රිත අවහිරතා මගින් ආහාර සැපයුමට බාධා ඇති වීම හේතුවෙන්, අපේක්ෂා කළ පරිදි, 2024 ජනවාරි මාසයේදී උද්ධමනය ඉහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැවසූ පරිදි උද්ධමනයේ තාවකාලික ඉහළ යෑමක් නුදුරු කාලීනව ඇති විය හැකිය.

කෙසේ වෙතත්, උද්ධමනයේ එවැනි ඉහළ යෑමක් ඉදිරි කාලයේ දී පහව යනු ඇතැයි අපේක්ෂා කරයි.

මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සහ සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව උද්ධමනය මැදි කාලීනව 5%ක ඉලක්කගත මට්ටමෙහි ස්ථායී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්