කොළඹ කොටස් වෙළදපොළ ගැන විදේශික ආයෝජකයින්ගේ වැඩි උනන්දුවක්

Picture of අසංක

අසංක

මේ වනවිට මෙරට කොටස් වෙළඳ පොළ වෙත විදේශීය ආයෝජකයින්ගේ උනන්දුව කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බව එම වෙළඳපොල වාර්තා පෙන්වාදේ .

.ඒ අනුව ඊයේ දින විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 300 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීව විකිණුම් වාර්තා වූයේ රු. මිලියන 180 ක් වශයෙනි. මේ අනුව ඊයේ දින ගනුදෙනු හරහා රු. මිලියන 120 ක ශුද්ධ විදේශීය ගලා ඒමක් වාර්තා වී තිබේ.
ඊයේ දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.37 ක් ලෙසින් දැක්වුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.07 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.19 ක් ලෙසින් සටහන් විය.
කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑමෙන් පසු කොටස් වෙළෙඳපොළ වසා දමා නැවත ගනුදෙනු සඳහා විවෘත වූ පළමු සති දෙක තුළ දී ශුද්ධ විදේශීය ආයෝජන ගලා යාම් ඉතා ඉහළ මට්ටමක පැවතුණි.

එහිදී පළමු සතිය තුළ දී රු. බිලියන 3.5 ක් හා දෙවන සතිය තුළ දී රු. බිලියන 3.4 ක් ලෙසින් ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා විය.