නවතම පුවත්

ලතින් අමෙරිකානු කලාපයට ඉදිරියේදී ආහාර හිඟයක්

අසංක

අසංක

කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලතින් ඇමෙරිකානු කලාපය තුල ඉදිරි මාස කිහිපය ඇතුලත මිලියන 14කට අධික පිරිසක් ආහාර අහේනියකට මුහුණ දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටී .

දැනටමත් කොරෝනා වසංගතය හේතුවෙන් එම කලාපයේ රටවල් රැසක ආර්ථිකය කඩාවැටෙමින් ඇති බවත් මෙම තත්වය තවදුරටත් පැවතීම තුල එම රටවල ජනතාවට බරපතල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජගත් සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන අවධාරණය කර ඇත.

.මේ අනුව ඉදිරියේදී ලතින් ඇමෙරිකානු කලාපයේ රටවලට කොරෝනා වසංගතයට අමතරව ආහාර හිඟය නමැති වසන්ගතයටද මුහුණ දීමට සිදුවන බව ලෝක අහාර වැඩසටහන සඳහන් කර ඇත .

මේ වනවිට ලතින් ඇමෙරිකානු කලාපයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.

පේරු, චිලී, එල් සැල්වදෝරය, ග්වතමාලා සහ නිකරගුවාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීහු පෙන්වාදී ඇත.

බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිවනු ඇතැයි ද අගෝස්තු මාසය වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 125,000ක් දක්වා ඉහළ යනු ඇතැයි ‘වොෂින්ටන් විශ්වවිද්‍යාලය’ කළ අධ්‍යයනයකින් අනතුරු අඟවා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්