කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වාර්තාවක්

Picture of අසංක

අසංක

කොළඹ කොටස් වෙළෙඳපොළ ‘සියලු කොටස් මිල දර්ශකය’ හෙවත් ASPI ඉහළම අගය අද (18) දින වාර්තා කළේ මෙරට කොටස් වෙළෙඳපොළ හුවමාරු ඉතිහාසයට වාර්තාවක් එක්කරමිනි.

දිනයේ ගනුදෙනු අවසානයේ දී ‘සියලු කොටස් මිල දර්ශක’ අගය ඒකක 7,922.66ක් ලෙසින් දැක්වුණි.

එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09ක ඉහළයාමකි.

මීට පෙර ASPI වැඩිම අගය වාර්තා වූයේ 2011 පෙබරවාරි 14 දිනයේ ය. එම අගය ඒකක 7,811.80 කි.

අද දින කොටස් ගනුදෙනු 67,000කට අධික ගණනක් වාර්තා වී ඇත.

එය මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවයි.

අද දින රු. බිලියන 12.18 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.