කොළඹ කොටස් වෙළෙඳපොළ නගී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
සතියක කාලයක් තුළ දී  මෙරට  කොටස් වෙළඳපොළේ  5% ක වර්ධනයක් සිදුවී ඇති අතර රුපියල්  බිලියන 33 ක පිරිවැටුමක්ද වාර්තාවී ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (08) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,119.53 ක් ලෙසින් වාර්තා වුනු අතර . මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 21.69 ක ඉහළ යාමකි.
මේ අතර  2021 වසරේ පළමු ගනුදෙනු සතිය වූ මෙම සතිය තුළ දී  5.10% ක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අනුව වාර්තා වී ඇත.
.එසේම  මෙම සතිය තුළ දී රු. බිලියන 33.64 ක සමස්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි. මේ අනුව 2021 වසරේ මේ දක්වා සාමාන්‍ය දෛනික ගනුදෙන පිරිවැටුම රු. බිලියන 6.72 ක් ලෙසින් සටහන් වේ.
කෙසේ වෙතත් මෙම සතිය තුළ සමස්ත විදෙස් මිල දී ගැනීම් සටහන් වන්නේ රු. මිලියන 563.62 ක් ලෙසිනි. මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල ඉපැයුම් අනුපාතය 11.84 ක් වන අතර සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 3.11 ක් වේ.