කොළඹ හෙට්ටියාවත්ත හංදියේ පිහිටි ගලි වලක නල පද්ධකතියක් අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයින් තිදෙනෙක් ගලිවලට ඇද වැටීමෙන් දෙදෙනක් මියගොස් ඇත.
අද දහවල් සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ සේවකයින් තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දෙදෙනෙක් මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ කොළඹ 10 සහ කොළඹ 14 පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අවුරුදු 28 සහ 38 යන වයස්වල පසුවූවන්ය.
මුලින්ම එක් අයෙක් ගලිවලට වැටී ඇති බවත් ඔහුව බේරා ගැනීමට ගොස් සෙසු දෙදෙනාද ගලි වලට වැටී ඇති බවත් මේ ගැන විමර්ශන පැවැත්වීමේදී පෙනී ගොස් ඇත.