කොළඹ නගර කලාපය ආවරණය වන පරිදි කණු මතින් ඉදිවන නව දුම්රිය මාර්ග හතරක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත .
කොළඹ නගරයේ පවතින වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම දුම්රිය මාර්ග ඉදිකෙරෙන බව අද (30) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය .
රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන දුම්රිය මාර්ග හතර රක්ත, හරිත, නීල හා දම් ලෙස නම් කර ඇත.
කිලෝමීටර 42ක දිගින් යුතුව රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා දිවෙන බවත් හරිත දුම්රිය මාර්ගය කිලෝ මීටර 28ක දිගින් යුතු අතර එය මොරටුවේ සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ඉදිකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටින ලදී.
කිලෝමීටර 23ක දිගින් යුතුව ඉදිකෙරෙන නීල දුම්රිය මාර්ගය කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ඉදිරිකිරීමට යෝජිතය.
දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ඉදිකිරීමට නියමිතය