නවතම පුවත්

කොළඹ නගරය දකුණු ආසියාවේ ආකර්ශනීයම සංචාරක පුවරවරයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරය දකුණු ආසියාවේ ආකර්ෂණීයම සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරණයේ  මූලිකත්වයෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත

සිංගප්පූරුව, තායිලන්තය, ඩුබායි වැනි රටවල සංචාරක මණ්ඩලයන් විසින් උපයෝගී කරගත් විශිෂ්ට භාවිතාවන් මෙම වැඩසටහන යටතේ අනුගමනය  කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්නරණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය

ස්ථානීය සුඛෝපභෝගී සන්නාම සංවර්ධනය සඳහා බදුඅයකිරීම් ලිහිල් කිරීම පවුල් විනෝදාස්වාද ක්ෂේත්‍රයෙහි දියුණුවට දායකවීම හා ජාත්‍යන්තර විනෝදාස්වාදන ස්ථාන හා පහසුකම් සැපයීම ඊට අයත් වන බවද ඒ මහතා පැවසීය .

එසේම නාගරික සංචාරක ක්‍රමෝපාය හරහා කොළඹ නගරය තුල උසස් ප්‍රමිතියේ ජාත්‍යන්තර ඉසව්වන් (Events) සංවිධානය කිරීමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම ඉලක්කගත කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය .

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මාධය වෙත මෙසේද පැවසීය

. “කොළඹ නගරය සංචාරක පුරවරයක් කිරීමේ රජයේ දැක්ම අනුව යමින් එය යථාර්තයක් කරන්නට අපි ඉතා වැදගත් පියවරය කිහිපයක්ම ක්‍රියාවට නැංවූවා. පසුගිය වර්ෂයේ අයවැය යෝජනා මගින් කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන්ට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොලට පැමිණීමට අවශ්‍ය උනන්දුව වර්ධනය කරවන බදු ප්‍රතිලාභ පිළිබඳව නිවේදනය කරනු ලැබුවා . සාප්පු සවාරි අත්දැකීම් ලබා ගැනීම අන්තර් කලාපීය සංචාරයන් අතර ඉහළ වැදගත්කමක් ගන්නා ක්‍රියාකාරකමක්. ඒ ගමන්වලදී ජාත්‍යන්තරයෙන් පැමිණෙන සංචාරක අමුත්තන්ට ඔවුන් ප්‍රියකරන සන්නාමයන්ගේ නිපැයුම් මිලදී ගැනීමට අවස්ථාව තිබීම මගින් ඔවුන් තවදුරටත් මේ රටට ආකර්ෂණය වෙනවා. අපේ දේශීය සන්නාමයන් ගේ ස්ථාවරත්වය එලෙසම පවත්වා ගනිමින් ආසියාවේ අනිකුත් කලාපයන්ට වඩා එම ජාත්‍යන්තර සන්නාමයන් තරගකාරී තලයකට රැගෙන ඒමේ ක්‍රමවේද අප හඳුනාගෙන තිබෙනවා. කොළඹ නගරයේ සංචාරය කරන්නට එය ජාත්‍යන්තර සංචාරකයින්ට වැදගත් හේතුවක් වෙනවා.”

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචරණයෙහි සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මෙවැන්නකි ,
“සංචාරක ව්‍යාපාරය තුල ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට නගර සංචාර ක්ෂේත්‍රය වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. ‘high quality event promotion’ හෙවත් ‘උසස් ප්‍රමිතියේ ඉසව් ප්‍රවර්ධනයන්’ අපි සාමාන්‍යයෙන් යුරෝපයේ හා ඇමෙරිකාවෙහි දකිනවා වගේම ජනප්‍රිය ආසියානු සංචාරක ගමනාන්තයන් වන සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය, මැලේසියාව වැනි රටවලදී ද මේ වන විට වැඩි වශයෙන් දැකගන්න පුළුවන්. ඒ වගේම කොළඹ නගරයට ඉතාම නුදුරු අනාගතයේදී එකතුවන වරාය නගරය නිසා නාගරික සංචාරක පුරවරයක් ලෙස කොළඹ නගරයට තිබෙන සංචාරක අවදානය තවත් ඉහළ යනවා.” .

“වර්තමානයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් කොළඹ නගරය නැරඹීමට පැමිණෙන්නේ 35%කටත් අඩු ප්‍රමාණයක්. නමුත් සංචාරක හෝටල් කාමර වැඩිම ගණන කොළඹ නගරය මූලික කරගෙන ක්‍රියාත්මක සංචාරක හෝටල් සතුවන අතර, කොළඹ නගරය තුල මෙරට දැවැන්තම ආයෝජන ව්‍යාපෘතීන් ද ආරම්භකර තිබෙනවා. ඒ වගේම පසුගිය වර්ෂ කිහිපය තුල ඉන්දීය සංචාරකයින් මෙරටට පැමි‍ණීමේ ප්‍රවණතාවයෙහි ඉහළ යාමක් අපි දකිනවා. කොවිඩ් – 19 වසංගත තත්ත්වය නිමාවීමත් සමග සාප්පු සවාරි, පවුල් විනෝදාස්වාද, MICE සංචාරක කර්මාන්තය සමග ආහාර පාන අත්දැකීම් සහිත විශිෂ්ට සංචාරක පුරවරයක් ලෙස කොළඹ නගරය ඉදිරියට රැගෙන ඒමට එමගින් වැදගත් පදනමක් ලැබෙනවා. ඉදිරි වර්ෂ පහ තුල අමතර මිලියන දෙකක සංචාරකයින් ‍මෙරටට ගෙන්වා ගැනීමට මෙම ක්‍රමෝපාය භාවිතයෙන් හැකිවනු ඇති බව අපි විශ්වාස කරනවා. වර්ෂ පහක (5) ගෝලීය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියේ කාලය අවසන් වීමත් සමග රුපියල් බිලියන 7.5 ආදායම් මට්ටමක් උපයාගැනීමේ අපේ ඉලක්කයට මෙයින් සුවිශේෂී සහයෝගයක් ලැබෙනු ඇති බවත් අපි විශ්වාස කරනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්