කොළඹ නුවර අධිවේගය හදන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා චීනයෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත.

මේ සඳහා චීන රජය දැනටමත් එකඟතාවය පළකර ඇති අතර ඒ අනුව අදාළ ගිවිසුම කඩිනමින් අත්සන් තැබෙනු ඇති බව චීනයේ මෙරට තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය’

මෙම ණය මුදල කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මුල් අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා යොදවනු ඇති බවත් කරුණාසේන කොඩිතුවක්කු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම අධිවේගී මාර්ගයේ තෙවන අදියර ජපානයේ ආධාර යටතේ ඉදිකිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇති බවටද තොරතුරු වාර්තාවේ

පැතුම් වික්‍රමරත්න