කොළඹ ප්‍රදේශ 5ක් සඳුදා සිට ලොක්ඩවුන්

Picture of අසංක

අසංක

කොළඹ තවත් ප්‍රදේශ 5 ක් සඳුදා (16) අලුයම 5 සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදිය සඳුදා අලුයම 5.00 සිට හුදෙකලා වන බව හමුදාපති පැවසීය.

වැඩිදුර දැනුම් දෙන තුරු අනෙකුත් සියලුම හුදෙකලා ප්‍රදේශවල තත්ත්වය අඛණ්ඩව පවතිනු ඇතැයිද හෙතෙම පැවසීය.