කොළඹ මහනගර සභාවේ කොරෝනා අවදානම එහෙමමයි – GMOA

Picture of අසංක

අසංක

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොරෝනා අවදානම තවමත් ඉතා මට්ටමක පවතින බවත් මහජන පරීක්‍ෂකවරුන්ගේ ක්‍රියාවලිය ශක්තිමත් නොකර කොරෝනා පාලනය ඉදිරියට ගෙන යා නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

කොළඹ නගර සභා සීමාවේ කොරෝනා ව්‍යාප්තිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පාලනයෙන් ගිලිහෙමින් පවතින බවට එම සංගමයට පැවසීම ඉතාම බරපතළ තත්ත්වයක් වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටී.

සමස්ත මරණ වලින් 91%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එයිනුත් 74%ක් වාර්තා වන්නේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වන හෙයින් එම නගර සීමාවේ කොරෝනා ව්‍යාප්තියේ අවදානම අඩුවීමක් නැති බව පෙනෙන බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අද පැවසීය.

ඒ අනුව ඉදිරියේදී කොළඹ මහ නගර සීමා බලප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතා සුපරික්ෂාකාරීව අධික්ෂණය කළ යුතුව ඇති බවද ඔහු පැවසීය.