නවතම පුවත්

කොළඹ මහනගර සභාවේ මිලියන 15ක මුදල් අවභාවිතයක් ගැන රෝසිටත් චෝදනා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ මහා නගර සභාව විසින්, නගරයේ අඩු පහසුකම් සහිත දරුවන් වෙත ලබාදීම සඳහා, පාසල් උපකරණ කට්ටල මිලදී ගැනීමකදී දූෂණ අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ඒ පිලිබඳ කරන ලද අභ්‍යන්තර විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම ගනුදෙනුවේදී ටෙන්ඩර් පටිපාටි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වාදී ඇත.

මේ අනුව මෙම අක්‍රමිකතා හේතුවෙන් දැනට රුපියාල් මිලියන 15කට අධික ප්‍රමාණයක මහජන මුදල් අවභාවිතා වී ඇති බවද මෙම වාර්තාව පෙන්වාදී ඇත.

මෙම මුදල් අවභාවිතාවන්ට හා විෂමචාරයන්ට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව වහා ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙහි දැක්වේ.

මේ අතර මෙම අක්‍රමිකතාවය සම්භන්ධව වගකිවයුතු කොළඹ පුරපතිනිය ඇතුළු සියලුම නිලධාරීන් සම්භන්දව අදාළ පියවරයන් ගන්නා ලෙස , කොළඹ නාගරික මන්ත්‍රිනී ශර්මිලා ගොනවෙල මහත්මිය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය වන සීතා අරම්බෙපොල මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත.

එසේම මෙම ගනුදෙනුව වහා අත්හිටුවීමට අවශ්‍ පියවර ගන්නා ලෙසද ඇය මෙම ලිපියෙන් දන්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්