කොළඹ මුස්ලිම් පල්ලියට කඩු තොගය දුන් එජාප නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

කොළඹ, කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් පල්ලියක තිබී අද හමුවූ කඩු තොගය ලබාදුන් බව කියන එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයා අද අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පිහිටි දේවස්ථාන රැසක් ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කරන අතරතුරදී මුස්ලිම් පල්ලියක පූජකවරයාගේ ඇද යට තිබී කඩු 47ක් හමුවී තිබුණි.

ඉතා මුවහත් කඩු වන මේවා ආවරණ හෝ නොගලවා තිබූ අලුත් කඩු බව වාර්තා වේ.

මේ පිළිබද ආරක්ෂක පුළුල් විමර්ශන අරඹා තිබේ.