නවතම පුවත්

කොළඹ වරාය ඇතුළු සියලු වරායන්ගෙන් කොරෝනා වෛරසය පැතිරිම වැළැක්විමේ වැඩපිළිවෙලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකා වරාය අධිකාරියේ කොළඹ වරාය ඇතුළු සියලු වරායන්ගෙන් කොරෝනා වෛරසය පැතිරිම වැළැක්විමේ සාර්ථක වැඩපිළිවෙලක් කොළඹ වරායේදි ක්‍රියාවට නංවා තිබේ.

වරාය හා නාවික අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , වරාය සංවර්ධන අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් හා අධික්ෂණයෙන් යුතුව ශ්‍රි ලංකා වරාය අධිකාරයේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතාරණ අතිරේක කළමණාකාර අධ්‍යක්ෂ උපාලිද සොයිසා හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා යන මහත්වරුන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන සියලු වරායන් තුළ ක්‍රියාවට නැංවේ.

කොළඹ වරාය කේන්ද්‍ර කර ගත් ශ්‍රි ලංකා වරාය අධිකාරිය අනාරක්ෂිත බවත් , කොළඹ වරාය මගි පර්යන්තය වෙත පැමිණෙන මගි නෞකා සහ එම මගින් සම්බන්ධයෙන් කිසිදු ආරක්ෂිත ක්‍රමවෙද්යක් නොමැති බවට ඇතැම් පාර්ශවයන් විසින් පවසන කාරණා සම්පුර්ණයෙන්ම අසත්‍ය වන බැවි ශ්‍රි ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කර සිටින අතර ඒ සදහා ඉතා ක්‍රමවත් නිරෝධායන ක්‍රියාවලියක් කොළඹ වරායේ ක්‍රියාත්මක වන බව ඔවුහු සඳහන් කරති.

මේ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ උපාලි සොයිසා මහතා “කොරෝනා වෛරසය ශ්‍රි ලංකාවට පැතිරිම වැළැක්විමේ ජාතික වැඩසටහනට සමගාමිව ශ්‍රි ලංකා වරාය අධිකාරිය විශේෂ නිරෝධායන වැඩසටහනක් දියත් කර ඇති අතර විෂය භාර අමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍යතුමා , වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ වරාය අධිකාරියේ සභාපතිතුමාගේ මඟ පෙන්විම හා අධික්ෂණය යටතේ මෙ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව”  ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්