කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන නගරයට ඇතුළත් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 “කොළඹ වරාය නගරය” නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස අද (20දා) ප්‍රකාශයට පත් කළේය. 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙය ප්‍රකාශයට පත්කළේය.

පාර්ලිමේන්තුවේදී යෝජනා සම්මතයෙන් “කොළඹ වරාය නගර” භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇතුළත් කරනු ලැබීය.

ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්‍ෂණය යටතේ සිදුවනු ඇත.