කොළඹ වරාය නගරය ලංකා භූමියට පිළිගැනීමේ උළෙල වර්ණවත් කළ මල්වෙඩි වරුසාව

Picture of අසංක

අසංක

කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා භූමියට අයත් බවට නිල වශයෙන් පිළිගැනීම උත්සවශ්‍රීයෙන් අද පස්වරුවේ පැවැත්වුණේ අපූර්වතම මල්වෙඩි සංදර්ශනයක් ද සමගිනි.

හෙක්ටයාර 269ක භූමිබාගය මෙලෙස ශ්‍රී ලංකා භූමියට අලුතින් එක්කෙරුණු අතර එය සනිටුහන් කරමින් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර අද නිමා කරන ලද පළමු අදියර ආයෝජකයන් වෙනුවෙන් විවෘත කෙරිණ.

එම මල්වෙඩි සංදර්ශනයේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.