නවතම පුවත්

කොළඹ සියලුම බාලිකාවලට පොලිස් ආරක්ෂාව

අසංක

අසංක

කොළඹ පිහිටි සියලුම කාන්තා පාසල්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා නියෝග කර තිබේ.

‌මේ දිනවල කොළඹ පාසල්වල බිග් මැච් සමය බැවින් පාසල් සිසුන් කාන්තා පාසල් තුළට කඩාවැදී කළහකාරී තත්ත්වයන් හටගැනීම පාලනය කිරීම සදහා මෙම පියවර ගෙන ඇත.

මේ අනුව බිග් මැච් සමය අවසන් වනතුරු මෙලෙස කොළඹ කාන්තා පාසල්වලට පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පියවර ලගන තිබේ.

කොළඹ විශාකා විදුහලට ද පසුගියදා මෙලෙස පාසල් සිසුන් පිරිසක් කඩාවැදී ඇති අතර එහිදී විදුහල්පතිනියගේ උපායශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් කළහය දුරදිග යාම පාලනය කර තිබුණි.

කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලට ද මෙලෙසම පාසල් සිසුන් පිරිසක් කඩාවැදී දේපළවලට ද හානි කිරීමේ සිද්ධියක් වී ඇති අතර එහිදී පාසල් සිසුන් 100 දෙනකු පොලිස් භාරයට ගෙන තිබුණි.

ඔවුන් අවවාද කොට මාපියන්ට බාරදුන් බව පොලීසිය පැවැසීය.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්