නවතම පුවත්

කොළඹ 150000ක් තවම එන්නත අරගෙන නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 150,000කට ආසන්න පිරිසක් මේ දක්වාත් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන නොමැති බවට වාර්තාවේ .

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේ, දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණය වූ බවය.

ඒ අනුව අදාළ පිරිස් හඳුනාගනිමින් ඔවුන් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රදීප් යසරත්න මහතා පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි ජනතාව 1,334,947ක් වාසය කරනවා. ඒ ජනතාවගෙන් මේ වන විට සියයට 90කට වඩා අධික පිරිසක් එන්නත ලබාගෙන තිබෙනවා. අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත ලබාගෙන නොමැති ජනතාව පිළිබඳව අපි විසින් සංගණනයක් ආරම්භ කළා. ඒ අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 557න් 547කට සමීක්ෂණ කටයුතු ඉතාමත් හොඳින් අවසන් කරලා තියෙනවා. ඒ අනුව අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 99,373ක් පමණ පිරිසක් මේ වන තෙක් එන්නත ලබාගෙන නොමැති බව හෙළිවෙලා තියෙනවා. කොළඹ සහ කොළොන්නාව යන ප්‍රාදේශීය කොට්ඨාස දෙකේ තමයි අවුරුදු 60ට වැඩි වඩාත් වැඩි ජනතාවක් ඉන්නේ එන්නත මෙතෙක් ලබාගෙන නැති. මේ සතියේ අපි හඳුනාගෙන තියෙනවා 46,672ක් වු 60ට වැඩි පුද්ගලයින්ගේ බොහෝදෙනෙකුට එන්නත්කරණය සිදුකළ අවසන් කළ හැකියි කියලා.”

මේ අතර බස්නාහිර පළාතේ වයෝවෘද්ධ හා විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහනක් අද සිට ආරම්භ කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්