නවතම පුවත්

කෝටි 10ක් ඉල්ලා හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්විට්සර්ලන්තයේ නඩු දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය අද (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව හතුරුසිංහ නඩු මගට ගොස් ඇති අතර, එම නඩුව ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන ‘බේරුම්කාරක’ අධිකරණයේදී ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිත බව හතුරුට සමීප ආරංචිමාර්ග තහවුරු කර සිටියේය.

මේ අතර හතුරුගේ කොන්ත්‍රාත් කාලය 2020 වසරේ දෙසැම්බර් මස වනතෙක් බලපැවැත්වෙන බවට ඔහුගේ නීතිඥයින් තර්ක කරන අතර, ක්‍රිකට් ආයතනය යොමු කළ සියලු චෝදනා පදනම් විරහිත බවද පවසයි.

ඒ අනුව ආසන්න වශයෙන් මසකට රු. ලක්ෂ 80 බැගින් මාස 12ක කොන්ත්‍රාත්ගත ගාස්තුව, නීතිඥ ගාස්තු, ස්විස්ටර්ලන්තයට යාමට වියදම් වූ ගාස්තු, නඩු ගාස්තු සහ නඩුව සඳහා වියදම් වන වෙනත් ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අය කරදෙන මෙන් ඉල්ලා හතුරුසිංහගේ නීතිඥයින් මෙම නඩුව පවරා ඇතැයි අනාවරණය වේ. මෙහිදී යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නඩුව පරාජයට පත්වුවහොත් හතුරුසිංහට රු. කෝටි 10කට වැඩි වන්දියක් ගෙවීමට සිදුවන බවද හෙළිවේ.

හතුරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රාජකාරි කටයුතු ප්‍රධාන කරුණු 05ක් යටතේ පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා එල්ල කර තිබුණි. එහෙත් මෙම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරමින් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමු කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා වෙත කළ චෝදනා අතර,

1. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ අන්තර්ජාතික සංචාර සඳහා සුදානම් කිරීමේදී කායිකව සහ මානසිකව ඊට සුදානම් කිරීම සහ සහය කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වීම,

2. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය විශ්වාසය ගොඩනැංවීමට සත්‍ය වුවමනාවකින් සහ විශේෂ අවධානයක් යොමු කිරීමට අපොහොසත් වීම,

3. ක්‍රීඩකයින්ගේ එකමුතු බව නැති කිරීමට ඔහුගේ යම් යම් ක්‍රියා කලාප හේතුවී ඇති අතර, කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩකයින් අභිප්‍රේරණය කිරීමට අපොහොසත් වීම,

4. ජාතික පුහුණුකරු ලෙස ඉටුවිය යුතු වගකීම පැහැර හැරීම,

5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම නිසා (2018 වසරේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී) ඊට වරදකරු වී දඬුවම් ලැබීම යන චෝදනා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්