කෝටි 700 දියමන්තිය හමුවෙයි – මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකුත් මාට්ටු

Picture of අසංක

අසංක

මාකදුරේ මධූෂ් විසින් මහගම ව්‍යාපාරිකයෙකුගෙන් කොල්ලකෑ රුපියල් කෝටි 700 දියමන්තිය පානදුර කෙසෙල්වත්තේ පිහිටි නිවසක සගවා තිබියදී සොයාගෙන තිබේ.

ලක්ෂ 150ක මුදලුත් එහි තිබී සොයාගෙන ඇත්තේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

මෙම මුදල් ද  මත්කුඩු ජාවාරම් කොට ගත් මුදල් බවට සැක කෙරේ.

මොරටුවේ පදිංචිකරුවෙක් වන කැලුම් ඉන්දික නමැත්තා මෙහිදී අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලකන ලද දියමන්තිය අවසානයේදී මොහුට භාරදී තිබෙන්නේ පිළියන්දලදී ය.

මධූෂ්ගේ සැලසුම්වලට අනුව මෙරට තුළ සිදුවන සියලුම අපරාධවලට පහසුකම් සලසන්නේ මොහුයි.

මෙම දියමන්තිය ඔපදැමීමට තැනක් සොයමින් ඉද්දී මේ පිළිබද පොලිස් බුද්ධි අංශයට තොරතුර ලැබී තිබුණි.

ඒ ඔස්සේ කළ වැටලීමකදී දියමන්තිය හා මුදල් සොයාගෙන ඇත.

දම්පත් රණසිංහ