ඛනිජ කැණීම්වලදී පුපුරණ ද්‍රව්‍ය ගන්න අයට බලපත්‍රය අනිවාර්යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයින පුරා ඕනෑම ස්ථානයක ඛනිජ කැණීම් සිදුකිරීමේදී පුපුරන ද්‍රව්‍ය යොදාගන්නේ නම් ඒ සඳහා බලපත්‍රය අනිවාර්‍ය කර තිබේ.

හෙට සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ. ලබන සැප්තැම්බර් 10 වැනිදා දක්වා එය සිදු කෙරේ.

ඒ සඳහා අයදුම්පත් ඒ ඒ ප්‍රදේශවල ග්‍රාම නිලධාරියාගෙන් ලබා ගත හැකිය.

ඛණිජ කැණීම් සිදුකරන කිසියම් ව්‍යාපාර, තනි පුද්ගල හෝ සමාගම් යන් සෑම පාර්ශවයක්ම මෙම ලියාපදිංචිය සිදුකරගැනීම අනිවාර්ය බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්‍යංශය පවසයි.

මෙම ලියාපදිංචිය අවසන් වූ පසුව සියලුම කැණීම් ස්ථාන සිතියම්ගත කරන අතර ඉන්පසුව ඒ යටතේ අවසර ලබාදීම සිදුකෙරෙනු ඇත.