ඛනිජ තෙල් හා බොර තෙල් ණයට ගැනීමට රජය සූදානම්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් වශයෙන් දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොර තෙල් හා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල රටවල් 02 ක නියෝජිතයින් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තාවේ

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩ බලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි සහ අමාත්‍ය උදය ගම්මන්පිල අතර ඉන් එක් සාකච්ඡාවක් පැවැති බව බලශක්ති අමාත්‍යංශය පැවසුවේය .

දිගුකාලීන ණය පදනම යටතේ ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හසීම් අස්ජසාඩේ සමග ද අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ දිනයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ .

ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ ඩී ආර් ඔල්ගා, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටි බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය .