‘ගංජා’අපනයන වැඩසටහනට බාධා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඖෂධීය පරමාර්ථ සඳහා කංසා අපනයනය කර ඩොලර් ඉපැයීමේ වැඩසටහනට විවිධ බාධා එල්ලවී ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. ඒ සඳහා වන නීතිමය අවසරය ලබාගැනීම පවා මේ හේතුවෙන් ප්‍රමාදවී ඇති බවයි ඔහු සඳහන් කළේ.

රටට ඩොලර් ආදායමක් ගෙන ඒම සඳහා ඖෂධීය පරමාර්ථ වෙනුවෙන් කංසා අපනයනය කළ හැකි බවට ආණ්ඩුවේ ම පාර්ශව ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුවුණා.

කෙසේ වෙතත් මාසයක කාලයක් ඇතුලත මෙම බාධක ඉවත්කර කංසා අපනයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඒ මහතා අප වෙත පැවසීය .