නවතම පුවත්

කොත්තු , බිත්තර , කුකුල් මස් මිල පහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආනයනික තිරිඟු පිටි තොග මිල අඩු කිරීම හේතුවෙන් කොත්තුවක මිලද අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට රුපියල් 50කින් කොත්තුවක මිල අඩු කරන බවයි එම සංගමය පැවසුවේ. කෙසේවෙතත් පිටි ආශ්‍රිත සෙසු නිශ්පාදනවල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සදහන් කළා. රුපියල් 500 සිට විවිධ මිල ගණන් යටතේ මේවනවිට කොත්තු අලෙවි කෙරෙනවා.

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 85 කින් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමටයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය කටයුතු කළේ. ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 375 ක මට්ටමක පැවතියා. නව මිල අඩු කිරීමත් සමඟ තිරිඟු පිටි කිලෝවක තොග මිල වන්නේ රුපියල් 290 ක්.

මේ අතර බිත්තර හා කුකුළු මස් මිල ගණන් මාස දෙකක් ඇතුළත අඩු කිරීමට හැකිවනු ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ සත්ව ආහාර ආනයනය කිරීමට බලපෑම් එල්ල වුණා

මේ හේතුවෙන් සත්ව පාලනයේ නිරතව සිටි ඇතැම් සුළු කර්මාන්තකරුවන් ඉන් ඉවත් වීම හේතුවෙන් බිත්තර සහ කුකුළ් මස් මිල ගණන් ඉහළ ගිය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පවතින ගැටලු විසදීමට සිය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මේවනවිටත් කටයුතු කරමින් සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ඒ අනුව මාස දෙකක් ඇතුළත බිත්තර සහ කුකුළු මස් මිල ගණන් අඩු කළ හැකි වනු ඇති බවයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් වැඩිදුරටත් සදහන් කළේ.
මේවනවිට බිත්තරයක තොග මිල රුපියල් 46 සිට 48 දක්වා පවතිනවා. එහි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 50ක්. සම සහිත ශීතකළ කුකුල් මස් කිලෝවක් සදහා පවතින්නේ රුපියල් 1,350ත් 1,400ත් අතර සිල්ලර මිලක්. සම රහිත ශීතනොකළ කුකුල් මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1,450ක් වනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්