නවතම පුවත්

ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට නව පුහුණු කලාපයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අනුරාධපුර සාලියපුර පිහිටි ‘ගජබා නිවහන’ (Home of Keterians) නමින් සුප්‍රකට ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයට නව පුහුණු කලාපයක් සහ නවීනතම අංගෝපාංග වලින් සමන්විත පැසිපන්දු පිටියක් මෙන්ම සේනාවිධායක නිල නිවස විවෘත කිරීම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ඊයේ (01) දින පෙරවරුවේ සිදුවිය.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකු ද වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව පැසිපන්දු පිටිය වෙත කැඳවාගෙන යාමට ප්‍රථම එතුමන් ඉතා උණුසුම් අයුරින් රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පිළිගනු ලැබූ අතර සමරු ඵලකය එතුමන්ගේ සුරතින් නිරාවරණය කර නව පැසිපන්දු පිටිය විවෘත කරනු ලැබිණි. මේ හා සමගින් යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම හා ගජබා රෙජිමේන්තු පැසිපන්දු කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරඟාවලියක් යුද්ධ හමුදාධිපතිතුමන් අභිමුවදී රැස්ව සිටි පිරිස ගේ දැඩි උද්යෝගය මධ්‍යයේ ඉතා උණුසුම් අයුරින් පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී, පුහුණුවීම් වල නිරත වන ගජබා සාමාජිකයන් වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීමට ඉඳිකරනු ලැබූ ගොඩනැගිලි හතරකින් සමන්විත අංගසම්පූර්ණ නේවාසිකාගාරයක් විවෘත කළේ ඊට අදාළ සමරු ඵලකය නිරාවරණය කරමිනි. මේ අනුව, සියළු පහසුකම් වලින් සමන්විත මෙම නේවාසිකාගාරය ඇඳන් 400 කින් මෙන්ම විදුලි පංකා, රෙදි සෝදන යන්ත්‍ර, නාන කාමර, රූපවාහිනී නැරඹුම් මැදිරි ආදියෙන් සමන්විතය. එමෙන්ම, මෙම අංගසම්පූර්ණ නේවාසිකාගාරය ඉඳිකිරීමට මූලිකත්වය ගෙන තිබුණේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ලෝරන්ස් ප්‍රනාන්දු රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි කරන අවධිය තුළ විය. මෙහිදී, මෙම නේවාසිකාගාරයේ පිහිටි සෑම අංශයක්ම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණයට ලක් වූ අතර එම නේවාසිකාගාරය ඉඳිකිරීම වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබාදුන් ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත භටපිරිස් සමගින් සුහද පිළිසඳරක නිරත වීමට ද හෙතෙම කටයුතු කළේය.

ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් කරනු ලැබූ ආරාධනයකට අනුව සේනාවිධායක නිල නිවස විවෘත කිරීම වෙනුවෙන් පීත්ත පටිය කැපීම ද යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් සිදු වූ අතර විවෘත කරන ලද සේනාවිධායක නිල නිවස තුළට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ට එහි සපැමිණි අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එම ගොඩනැගිල්ල නිර්මාණය කිරීමට අදාළව භටපිරිස් විසින් දක්වන ලද ඉංජිනේරුමය හා ශ්‍රම දායකත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ඉන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයකින් පසුව එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය. මෙම අවස්ථාව වෙනුවෙන් රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් මෙම උත්සවය අවසානයේ මාධ්‍යවේදීන් සමඟ සිදුකරන ලද සාකච්ඡාවක දී කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාව තුලින් මුලිනුපුටා දැමීමට වත්මන් රජයට හැකිවනු ඇතැයි සහතික වූ අතර අදාළ ඉලක්කය වෙත පහසුවෙන් ලඟාවීම සඳහා මහජනතාව ද යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළයුතු බවට ද මෙහිදී වැඩිදුරටත් පෙන්වාදෙන ලදී.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්