නවතම පුවත්

ගඩාෆි ඝාතනයේ රහසක් හෙළිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බටහිර බලවේගවල මැදිහත්වීමෙන් ලිබියාවේ හිටපු ජනාධිපති මුවම්මර් අල් ගඩාෆි ඝාතනයට ලක්වූයේ රන් මත පදනම් වූ තනි ව්‍යවහාර මුදල් ඒකකයක් අප්‍රිකානු මහද්වීපයට හඳුන්වාදීමට උත්සාහ කළ නිසා බවට මතයක් පවතී.

ඩොලරය වෙනුවට ගඩාෆි හඳුන්වාදීමට සැලසුම් කර තිබූ මුදල් ඒකකය ගෝල්ඩ් ඩිනාර් ලෙස නම් කර තිබුණි.

කෙසේවෙතත් ලිබියානු යුද්ධය නැවැත්වීමේ අරමුණින් අප්‍රිකානු නායකයින් පිරිසක් ලිබියාවට යාමට උත්සාහ කිරීමේ දී නේටෝ සංවිධානය එය වැළැක්වූ බවට උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි ප්‍රකාශ කරයි.

උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි,

“ඔබ ලිබියාවේ ගැටලුව දුටුවා. මිය ගිය ගඩාෆිට ඔහුගේම ගැටලු තිබුණා. ඔහුගේ අදහස් තිබුණා. සමහර වෙලාවට අපි ඔහුත් සමග එකඟ වුණා. සමහර වෙලාවට එකඟ වුණේ නැහැ. ලිබියානු ගැටලුව මතු වුණ අවස්ථාවේ දී අප්‍රිකානු සංගමය කමිටුවක් පත්කළා. ලිබියාවේ ගැටලුවට විසඳුමක් සොයන්න කියලා අප්‍රිකානු සංගමය එම කමිටුවට උපදෙස් ලබා දුන්නා. එක් අවස්ථාවක එම කමිටුව ලිබියානු යුද්ධය පිළිබඳව සාකච්ඡා කරන්න ලිබියාවට පිටත් වුණා. නමුත් නේටෝ සංවිධානය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. අප්‍රිකානු නායකයින්ට ආපසු යන ලෙස නේටෝ සංවිධානය නියෝග කළා. ලිබියාවට යන්න නේටෝ සංවිධානය අවසර දුන්නේ නැහැ. ඔවුන අපිට ඇහුම්කන් දුන්නේ නැහැ. ඔවුන් ගඩාෆිව මැරුවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්