ගමට වැඩ කරන්න ගමේ කමිටුවක්

Picture of අසංක

අසංක

සියලුම ග්‍රාමීය සංවර්ධන යෝජනා, ග්‍රාමීය ප්‍රජා කමිටුවක් මගින් තීරණය කිරීම අනිවාර්යය කිරීමට ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.


ජනාධිපතිවරයාගේ සංකල්නපයක් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට සියළුම ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව් ජේ සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටී

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සපිරි ගමක් වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවර ඒ බව පැවසීය.